ප්‍රථම ජාතික සෞඛ්‍ය නාලිකාව එළිදකී

ප්‍රථම ජාතික සෞඛ්‍ය නාලිකාව එළිදකී
ඇතැම් මාධ්‍ය ආයතන සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරන බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙනම නාලිකාවක් ආරම්භ කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. වසර ගණනාවක සිට ඒ සඳහා සැළසුම් කළ බවත් එය අද යථාර්ථයක් බවට පත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සතුටට පත්වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය පිළිබද කථිකාවතක් ඇති වී තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවාව දියුණු කිරිම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්. විශේෂයෙන්ම දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේදී රෝහල් 300 ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරනවා. වසර 2020 වනවිට රෝහල් 1000 ක් මෙම ව්‍යාපෘතියට ඇතුලත් කිරීම මාගේ අරමුණයි. මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. දැනට තැලසීමියා රෝගීන් 3000 ක් දිවයින පුරා සිටින බව අනාවරණ වී තිබෙනවා. ඔවුන්ගේ ඇටමිදුලු බද්ධ කිරීම ආරම්භ කරමින් ජිවිත බේරා ගැනීමට මා සැළසුම් කර තිබෙනවා. වෛද්‍ය විද්‍යාවේ පියාගේ න්‍යාය පවා මේ වන විට වෙනස් කරමින් ජාන තාක්ෂණ විද්‍යාව ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පිළිබදව ශ්‍රී ලාංකිකයින්ට අවබෝධයක් ලබාදීම අපගේ වගකීමක්. බෝනොවන රෝග අභියෝගයක්. ජීවන රටාව සහ ව්‍යායාම නොකිරීම ඊට හේතු වී තිබෙනවා. 2017 වසරේ දී බෝනොවන රෝග වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 137000 ක් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. මේ පිළිබද සමාජ කථිකාවතක් ඇති කළ යුතුයි.'
 
'රූපලාවන්‍ය ක්ෂේත්‍රයේදී කිසියම් පුද්ගලයෙකුගේ ශරීරයේ පැහැය වෙනස් කිරීම සදහා එන්නත් ලබාදෙනවා. ඇතැම් වෛද්‍යවරුන් නිවැරදි මාත්‍රාවට අනුගත නොවී එන්නත් ලබාදීම පිළිබද පැමිණිලි ලැබී තිබෙනවා. එවැනි ප්‍රතිකාර ක්‍රම පිළිකාකාරකයි. ඇතැම් ආලේපනවල තිබෙන්නේ රසදියයි. එය පිළිකා ඇතිවීමට බලපා තිබෙනවා. එම නිසා එවැනි ප්‍රතිකාර ක්‍රම කළමණාකරණය කළ යුතුයි.'
 
මෙහිදි Family නමින් සෞඛ්‍ය සගරාවක් ද එළිදක්වන ලදි.
 
rajitha 3
rajitha 4
rajitha 5
rajitha 6
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment