Breaking News - පර්පචුවල් ට්‍රෙෂරීස් වැරදිකරු වෙයි

Breaking News - පර්පචුවල් ට්‍රෙෂරීස් වැරදිකරු වෙයි

 

එහි සඳහන් ආකාරයට දූෂිත මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝශියස්ට හිමි පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය එම වංචාවට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බව බැඳුම්කර කොමිශන් වාර්තාව මගින් පෙන්වා දී ඇත. එම සමාගම අයථා ලෙස ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11ක මූල්‍යමය අලාභයක් සිදුකොට ඇති බව කොමිශන් වාර්තාවේ සඳහන්ව ඇත.

මෙහිදී එවකට මහබැකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තම බලය අයථා ලෙස පාවිච්චි කර ඇති බව ද කොමිසම ඉදිරියේ තහවුරු වී ඇත. එමනිසා ඔහු වැනි පුද්ගලයකු එවන් වගකිව යුතු තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් "විධිමත් වගකීමකට" අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද යටත් වන බව කොමිසම විසින් පෙන්වා දෙයි. පෙරකී බිලියන 11ක මූල්‍ය අලාභය මීට සම්බන්ධ පුද්ලයින්ට සහ සමාගම්වලට නඩු පවරා නැවත අය කර ගත යුතුයැයි කොමිසම විසින් නිර්දේශ කර තිබේ.

ලංකා නිව්ස් වෙබ් අප ඊයේ සඳහන් කළ ආකාරයට රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියෙන් නිදහස් වුවද අර්ජුන් ඇලෝශියස්ගෙන් ගෙවල් කුලී ලබා ගැනීමේ චෝදනාව ඔහුට එරෙහිව පවතින හෙයින් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිර්දේශ කර ඇත.

මේ වන විට ලංකා නිව්ස් වෙබ් වෙත ලැබී ඇති තොරතුරු අනුව තහවුරු වන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment