පියසේන ගමගේ නාගොඩින් වැඩ පටන් ගනී - පොලීසියේදී යකා නටලා

පියසේන ගමගේ නාගොඩින් වැඩ පටන් ගනී - පොලීසියේදී යකා නටලා

 

පසුගිය පළමුවැනිදා පස්වරුවේ රාජ්‍ය ඇමැතිවරයා පිළිගැනීමේ උත්සවයක් නාගොඩ ප්‍රදේශයේ පවත්වා ඇත. ඒ අවස්ථාවට යතුරුපැදි වලින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් කිහිපදෙනකු හිස් ආවරණ හෙවත් හෙල්මට් පැළඳ නොසිටීම නිසා පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඔවුන්ට දඩ කොළ ලබා දී තිබේ. අදාළ රැස්වීමෙන් පසු නාගොඩ පොලීසියට ගොස් ඇති රාජ්‍ය ඇමැතිවරයා අදාළ දඩ කොළ නිකුත් කළ පොලිස් නිලධාරියකුට පහර දීමට උත්සාහ දරා තිබේ. එසේම ඔවුන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී වහාම දඩ කොළ ඉවත් කරගන්නා ලෙස තර්ජනය කර ඇත.

මේ අතර පියසේන ගමගේ රාජ්‍ය ඇමැති ධුරයට පත්වීමෙන් පසු පසුගිය සිකුරාදා ඔහුගේ පුත් පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේට පොලිස් විශේෂ බලකායේ විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස නියෝගයක් ද නිකුත් කර තිබේ. පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙසේ විශේෂ පොලිස් ආරක්ෂාවක් අවශ්‍යද, නැද්ද යන්න තීරණය කළ යුත්තේ බුද්ධි අංශ වාර්තා සහ ආරක්ෂක අංශ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු ය. එසේ නොමැතිව මෙසේ පියා නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධුරයට පත් වූ වහාම පුතාට පොලිස් විශේෂ බලකායේ ආරක්ෂාව ලබාදීම කළ නොහැක්කකි.

- ශාලික විමලසේන

පියසේන ගමගේ යනු පසුගිය මැතිවරණයේදී ජනතාව අතරින් ප්‍රතික්ෂේප වුණු පුද්ගලයෙකි. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අධිකරණය විසින් අහෝසි කිරීමෙන් ලද අවස්ථාවෙන් පාර්ලිමේන්තු පිවිසුණු ඔහු යන්තම් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලද පමණින් හැසිරෙන්නේ මෙසේ නම් මීට වඩා යමක් ලැබුණේ නම් කෙසේ යකා නටනු ඇතිදැයි සිතා ගැනීමට හැකිය. යමක් ලද පමණින් ඔළුව ඉදිමීම ඉතා නරක ප්‍රවණතාවයකි. ඊට දේශපාලන බලයත් එකතු වූ විට තත්වය තවත් දරුණු වේ.

පියසේන ගමගේට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යධුරය ලැබුණු මොහොතේම ඔහුට සුබ පතමින් අප ලියුවේ ද ඔහු නීතියට පිටින් කටයුතු කරන්නේ නම් තදින් සැලකීමට අපටද සිදුවන බවයි. ඔහු එක් අතකින් පොලීසියට පහර දෙන්නට තැත් කරන ගමන් අනිත් අතින් තමන්ගේ පාතාල සම්බන්ධකම් ඇති පුත්‍රයාට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන්නට ද උත්සාහ කර ඇත. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයක් තිබිය යුත්තේ අමාත්‍ය තනතුරු වලට පත්වන එක එක උන්දැලාට අවශ්‍ය පරිදි හෙල්මට් නැතිව පාරේ යන්නටවත් උන්දැලාගේ පුතුන්ට STF ආරක්ෂාව දෙන්නටවත් නොවේ. එය පියසේනලා ඔය වයසේදීවත් ඉගෙන ගත යුතුය.

එසේම විශේෂයෙන් මෙම තනතුරු ප්‍රදානය කළ පුද්ගලයා ලෙස ජනාධිපතිවරයා මින් පාඩමක් ඉගෙන ගත යුතුය. තමන්ගේ පැත්තට පැන්න පලියට දේශපාලකයින්ට දරන්නට අපහසු තනතුරු නොදී ඉන්නටත් යමෙකුට යමක් දෙනවිට ඔහු ඊට සුදුසුදැයි සොයා බලන්නටත් ජනාධිපතිවරයා ඉගෙන ගත යුතුය.

ප.ලි. -

පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ ඊයේ (02) දිනයේය. ඔහු අමාත්‍යාංශයේ වැඩ භාරගැනීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ඉහළ පොලිස් නිලධාරීන් රැසකට ද ආරාධනා ලැබී තිබිණි. එම ඉහළ පොලිස් නිලධාරීන් එම උත්සවයට සභභාගී වන විට දැක ඇත්තේ දකුණේ පාතාලයට සම්බන්ධ නොයෙකුත් පුද්ගලයින් අමාත්‍යවරයාගේ ආරාධිතයින් ලෙස ඊට සහභාගී වී ඇති බවයි. උත්සවයේ තේ මේසය අසල පාතාලයින් පිරී සිටිනවා දුටු පොලිස් නිලධාරීන් පාතාලයින් සමඟ තමන්ට තේ පානය කළ නොහැකි හෙයින් එතැනින් පිටව ගොස් තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment