අර්ජුන මහේන්ද්‍රන් අනිසි ලෙස බලය යොදාගෙන.


මහ බැංකු බැඳුම්කර විමර්ශනයේ වාර්තාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශයක් ඒ මහතාගේ මාධ්‍ය අංශය විසින් අද (03) පෙරවරුවේ පටිගත කළ අතර එය අද පස්වරුවේ මාධ්‍ය වෙත ලබාදීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරිදි මෙම බැඳුම්කර ගනුදෙනුවේදී රැපියල් බිලියන 11 පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයථා ලෙස උපයාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවසේ.

අදාළ තත්ත්වය නිසා මහ බැංකුවට බිලින 11ක අලාභයක් සිදුව තිබේ.

මෙම අලාභය එයට වගකිවයුත්තන්ගෙන් අත්පත්කර ගැනීමට නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස එම වාර්ථාවෙන් නිර්දේශකර ඇතැයි ද වාර්තා වේ.

අදාළ අයථා ගනුදෙනුව සඳහා මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මහෙන්ද්‍රන් මහතා තම බලය අනිසි ලෙස යොදාගෙන ඇති බවටත්, එම පුද්ගලයා පත් කිරීමේදී අගමැතිවරයා විධිමත් වගකීමකට යටත්වන බවත්, එම වාර්තාවේ සඳහන්ව ඇතැයිද පැවසේ.

රවී අල්ලස් කොමිසමට !

මෙම ගනුදෙනුවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානනායක මහතා සෘජුව සම්බන්ධවී ඇති බව හෙළි නොවන බවත්, කෙසේවුවද මොනාච් රෙසිඩන්සීස් නිවසක් මිලදී ගැනීමට අදාලව අලල්ස් හා දූෂණ කොමිසම හරහා විමර්ශනයක් කළ යුතු බවත් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

අදාළ තොරතුරැ මීට පෙර විසින් එළිදැක්වේ.

(SLM)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment