බේරේ අවට සතෝසේ ඉඩම්වල හෝටල් ඉදිකිරීමේ සැලැස්මක්.


බේරේ වැව ජල තීරය ආශ්‍රිත ප්‍රදේශ මහජනතාවට විවෘත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ බේරේ වැව හා ඩී.ආර්.විජේවර්ධන මාවත අතර පිහිටා ඇති ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට නියමිතය. සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) විසින් වර්තමානයේ භුක්ති විඳිනු ලබන මෙම ඉඩම් බේරේ වැව ආශ්‍රිත සංවර්ධන සැලැස්මට අනුව හෝටල් හා සංචාරක කලාපය සඳහා වෙන් කරනු ලැබ තිබේ.

ඒ අනුව, සංවර්ධන කාර්යයන් සඳහා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි එකී ඉඩම් නිදහස් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, ස.තො.ස. ආයතනයටද ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ඉඩම් සඳහා වන රජයේ තක්සේරුව මත පදනම්ව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment