ඒකාබද්ධයේ හා එජාප නියෝජතයින් කිහිප දෙනෙක් ජනපති හා එක්වෙයි.


එක්බද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ප්‍රබලයින් කිහිප දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය මෙලෙස ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම වයඹ පළාත් සභා හිටපු මන්තී‍්‍රවරයෙකු හා පොල්ගහවෙල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන අයි.එම්. ජයතිලක ඉලංගකෝන් මහතා ද ජනාධිපතිතුමාට සහය පළ කරමින් ජනපති හා එක්ව ඇත.

අද (03)පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා හමුවූ ඔවුහු ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළකිරීමට එක්වන බව පවසා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment