රජයේ වාහන ගණන 57961ක්.


රජයට අයත් වාහන සංඛ්‍යාව 57961 බවත්, එයින් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 50238ක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.

එයින් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින මෝටර් වාහනවලින් මධ්‍යම රජය සතුව වාහන 26,773ක්ද, රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 23506ක්ද පවතින බව එම වාර්තාවේ ඇතුළත් වෙයි.

ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව 7723ක් වන අතර, එයින් මධ්‍යම රජය සතුව වාහන 5922ක් හා රාජ්‍ය ව්‍යාපාර සතුව වාහන 1801ක් පවතී.

එම භාවිත නොකරන හා ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩය අදාළ නිලධාරීන්ට උපදෙස්  දී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment