Info Sri Lanka පුවත තහවුරුයි : සිරිසේනට නව අමාත්‍යධූරයක්.


මනෝජ් සිරිසේන මහතා වෙත නව අමාත්‍යධූරයක් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දකුණු පළාත් කී‍්‍රඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, වනිතා කටයුතු හා ගෘහආර්ථික ප‍්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර,  ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment