මහින්ගේ ප්‍රජා අයිතිය අහෝසි වීමේ අවදානමක්

මහින්ගේ ප්‍රජා අයිතිය අහෝසි වීමේ අවදානමක්
පසුගිය රජය සමයේ සිදු වූ මහා පරිමාණ දූෂණ, වංචා, බලය අයුතු ලෙස භාවිතා කිරීම ආදී කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පසුගියදා සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කළේය. පැවති රජයේ දූෂණ, වංචා රැසකට හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ වී ඇති බවට කොමිසම විසින් විමර්ශනය කර ඇති අතර කොමිසම නිර්දේශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතු බවයි.
 
පැවති රජය සමයේ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් බරපතල ලෙස රාජ්‍ය සම්පත් තමන්ට අවශ්‍ය පරිදි භාවිතා කළ අතර හිටපු ජනාධිපතිවරයාගේ බලය භාවිතා කරමින් විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකළ බවට චෝදනා එල්ල විය. රජයේ විවිධ ව්‍යාපෘතිවලදී අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එ්වා විමර්ශනය කිරීම සඳහා අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු කළේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත එකී කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වූ අතර පසුගිය 02 වැනිදා කොමිසමේ අවසන් වාර්තාව සහ විමර්ශන 17 කට අදාල වාර්තා ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ. කෙසේ වෙතත් මීට පෙර ද විමර්ශන කිහිපයකට අදාල වාර්තා ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර එහෙත් ඒවාට සිදුවූයේ කුමක්ද යන්න තවමත් රහසකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment