මෙම සංසිද්ධිය ‘බොම්බොජෙනසිස්“ (Bombogenesis) යනුවෙන් හැඳින්වේ. මෙම යෙදුම ඇමරිකානු ශබ්ද කෝෂයට අලුත් එකක් නව අතර, එයින් අදහස් වන්නේ ශීත කුණාටු හෝ වාසුළි, බෝම්බයක් මෙන් එකවර පුපුරා යමින් ඇතිකරන බලපෑමයි.
කාලගුණික විද්‍යාඥයන්ට අනුව බොම්බොජෙනසිස් යනුවෙන් හැඳින්වෙන්නේ පැය 24කට අඩු කාලයකදී අයිස් මිලිබාර් 24කට වඩා පතනය කරන හිම කුණාටු ය. උතුරුකරයෙන් හමාඑන ශීතල සුළං සමග නැගෙනහිර මුහුදු බොක්කේ පවතින උණුසුම් වාතය ගැටීම නිසා මෙහි බලපෑම විනාශකාරී ලෙස ඉහළ යා හැකිය.
ඊයේ දිනය වන විට වාර්තා වන්නේ ඇමරිකාවේ ශීතල කාලගුණය පෙර නොවූ විරූ තරමට ඉහළ යමින් තිබෙන බවයි. ඊයේ දිනයේ ග්‍රෑන්ඩ් පෝර්ක්ස් ප්‍රෙද්ශයේ උෂ්ණත්වය අංශක -28 ක් වූ අතර ඉලිනොයිස් ජනපදයේ චිකාගෝ හි ශීතල - 7 ක් විය. ඔහායෝ ජනපදයේ ක්ලේව්ලන්ඩ් හි ශීතල - 15 ක් ලෙස වාර්තා වේ.
දැඩි ශීතල හේතුවෙන් මරණ 13 ක් මේ වන විට සිදුව තිබේ.
ශීතල දියවැල්වලට හසු වූ මෝරුන් අඩුම ගණනේ තුන් දෙනෙක්වත් මියගොස් වෙරළට ගොඩ ගසා තිබූ අයුරු උන්ගේ ඡායාරූප ද සමග ‘අත්ලන්තික් සාගරයේ ධවල මෝරුන් සුරැකීමේ සංවිධානය“ (White Shark Conservency) විසින් හෙළි කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම විශාල මත්ස්‍යයන් ‘කෝල්ඩ් ෂොක්“ එකකට හෙවත් ශීතල නිසා හටගන්නා කම්පනයකට ගොදුරු ව ඇති බවයි.
ඇමරිකාවේ මිසිසිපි විල මතුපිට ද මේ වන විට ස්කී ක්‍රීඩකයන්ගේ බර දරාසිටීමට සමත් ප්‍රමාණයේ ඝනකම් අයිස් තට්ටුවක් ඇති වී තිබේ.
මේ වන විට ඇමරිකාවේ බොහෝ ජනපදවල, උණු ජලය පිටතට වත් කළහොත් ඒවා සැණෙන් අයිස් දුමාරය බවට පත්වන තරම් ශීතලක් පවතියි. සබන් බුබුළු තුළින් ක්ෂණිකව හිම ස්ඵටික නිර්මාණය වන ආකාරය දැකගත හැකිය.
කැල්බරි සත්වෝද්‍යානයේ ජීවත් වන, උත්තර ධ්‍රැවයේ උපන් පෙන්ග්වින් සතුන් ව පවා අධික ශීතල නිසා සෙවිලි සහිත උණුසුම් ස්ථාන කරා කැඳවන්නට ඊයේ දිනයේ සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර තිබිණි.
ඇමරිකානු මාධ්‍ය වාර්තා දිගින් දිගටම සඳහන් කරන්නේ මෙවර උත්තරාර්ධගෝලයට උදා වී තිබෙන්නේ ‘මාරක ශීත සෘතුවක්“ බව ය.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment