ඇමැති හරින්ගෙන් ජනපතිට අයාචනයක් [Video]


බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදි බවත් එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී ඇති බවත් අමාත්‍යවරයා

මැතිවරණ ජන හමුවක් අමතමින් සඳහන් කළේය. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11ක් බවත් එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහඬව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථීකය මුළුමනින්ම ඇද වැටීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද්භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment