ගෝඨා ඇමරිකාවේ සිට කලබල වෙලා : 2020 එනවා.


සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගත් ගල්කිස්ස පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාලව ඊයේ (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම පුවත ආරංචි වීමෙන් අනතුරුව දැනට ඇමරිකාවේ සිටින හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ බොහෝ කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන් විසින් මීළඟට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න, හිටපු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ හිටපු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී යන තිදෙනා ය. ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.

මීට අමතරව මේජර් ජනරාල් අමල් කරුණාසේකරගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට නියමිතය. ලසන්ත වික්‍රමතුංග ඝාතන කෙරුණු සමයේ කොළඹ ආරක්ෂක මෙහෙයුම් භාරව සිටියේ ඔහුය.

මෙසේ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සහ ඉහළ හමුදා නිලධාරීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟ ගෝටාබය රාජපක්ෂ සහ ඔහුගේ 'එළිය' කණ්ඩායම බලවත් ලෙස කලබලයට පත්ව ඇත.

පරිවේශණීය සාක්ෂි මත අපරාධ නඩුවක් ගොඩනැංවීම මහත් වෙහෙසකර සහ මහත් සීරුවෙන් කළ යුතු කටයුත්තකි. ලසන්ත ඝාතන නඩුව ගොඩංනැංවීමට ද මේ තරම් කල් ගත වන්නේ එබැවිනි. පරිවේශණීය සාක්ෂි යනු දම්වැලක් වැනිය. එය එක් තැනකින් බිඳුනහොත් සැකයේ වාසිය යන්නේ විත්තියට ය. එහෙයින් මෙවැනි නඩු ගොඩනැංවීම කරන්නේ අත්දැකීම් බහුල ම පළපුරුදු නිලධාරීන් විසිනි.

අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී !! 

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අමරිකාවේදි සිදුකළ යුතු නීතිමය කටයුතු සඳහා මේ දිනවල ඔහු ඇමරිකාවට ගොස් සිටී. එමෙන්ම ඔහු සිය අමරිකානු හිතවතුන් සමඟ ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමද සිදු කරමින් තිබේ. මේ සමඟ වන ඡායාරූපවලින් දැක්වෙන්නෙ අභාවප්‍රාප්ත සිය සොයුරු ඩඩ්ලි රාජපක්ෂ ගේ අමරිකානු නිවසේ ගෝඨබය  සිය සමීප හිතවතුන් කිහිප දෙනෙකු හා දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී සිටි අවස්ථාවකි.

කෙසේ නමුත් ගෝඨාබයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට ඔහුට එරෙහිව මෙරට දි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන දඬුවම් නියම කිරීමට ඇතැම් පාර්ශ්ව අපේක්ශා කළද ඒ මෙතෙක් සිදුවූයේ නැත.

ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ දැඩි උත්සාහයක් ගත් නමුත් ඉහළ දේශපාලන බලපෑම් හේතුවෙන් ඒ වැලකී ගියේය.

පසුගියදා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් පැවසූවේ එක්සත් ජාතික පක්ෂය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුගේ වුවමනාව මත ගෝඨාව අත් අඩංගුවට ගැනීම සඳහා උත්සාහයක් ඇති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට අමරිකාවට ගොස් සිටින ලෙස උපදෙස් ලබා දුන් බවය. කොහොම නමුත් ගොඨාබය දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අයද, බැසිල් රාජපක්ෂ ද දැඩි විරෝධයකින් පසුවන බවත් ප්‍රකට කරුණකි.

මීට පෙර අවස්ථාවකදී ද ඇවන්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන් , ගොඨාව අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහය ගැන ජනාධිපතිවරයා පොලීසියට දෝෂාරෝපනය කර තිබිණි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුර හැරදා යෑමට සිදුවූයේද ගොඨාට එරෙහිව නඩු පැවරීම ගැන ජනාධිපතිවරයාගෙන් එල්ල වූ චෝදනා පදනම් කරගෙනය.


ජනාධිපතිවරයා හා ගොඨාබය අතර පවතින් මිත්‍රශීත්වය මෙයට බලපා ඇති බව කියැවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේනට එල්ල වී තිබු ජීවිත තර්ජනයන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමට ගොඨාබය රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විදි විධාන ඔහු වෙනුවෙන් යෙදූ බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ගොඨාබය රාජපක්ෂද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව විවේචනය නොකිරීමද කැපී පෙනෙන්නකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment