මෙසේ ජල සැපයුම අත්හිටුවෙන්නේ කොළඹ - කොටුව, කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, බොරැල්ල, දෙමටගොඩ, මරදාන සහ පිටකොටුව යන ප්‍රදේශවලටය. අලුත්කඩේ සහ කොටහේන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.
අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපසුම අත්හිටුවීමට තීරණය කර ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන අතර එම කාල සීමාවට අවශ්‍ය තරම් ජලය රැස් කර තබා ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
RN
0 comments :
Post a Comment