මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ඇරඹේ

මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ඇරඹේ

 

මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

මාර්තු 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් රාද් අල් හුසේන් කුමරු විසින් ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය. ඒ පසුගිය සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලයේ සෙසු රටවල් කළ යෝජනාවක් අනුවය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණු දැක්වීමට නියමිත බවත් ඒ අනුව මාර්තු 21 වනදා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සැසිවාරයට සහභාගී වීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

RN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment