කොට්ටාවේ ගින්නෙන් අලවිසැල් තුනක් විනාශයි - හානිය කෝටි 10 ක්


කොට්ටාව- මාකුඹුර හයිලවල් මාර්ගයට යාබඳව පිහිටි ආනයනික යන්ත්‍රෝපකරණ අලෙවි මධ්‍යස්ථානයක් ඇතුළු අලේවිසැල් තුනක් ගින්නෙන් විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙම ගින්නෙන්

සිදුවූ හානිය රුපියල් කෝටි 10කට ආසන්න බවට සැක කරන බව ද පොලිසිය කියයි.

ඊයේ (25) පස්වරු 2.50ට පමණ වැසිබර කාලගුණික තත්ත්වය යටතේ අකුණු සැර වැදීමකින් යන්ත්‍රෝපකරණ අලෙවිසැලේහි ගින්නක් ඇතිවී ඇති අතර පසුව එය යාබඳ අලෙවිසැල් දෙකට ද පැතිර ගොස් තිබිණි. ගින්න ඇති වූ අවස්ථාවේදී අලෙවිසැල කිසිවකුවත් සිට නොමැත.

 මෙසේ අනතුරට පත්වී ඇත්තේ ආනයනය කරන ලද ගල් කැටපිලර් යන්ත්‍ර, කළුගල් කඩන මැෂින්, මෝටර් ගේටර් ඇතුළු යන්ත්‍ර අලවි කරන ස්ථානයක්, එම යන්ත්‍රවල අමතර කොටස් අලවි මධ්‍යස්ථානයක් සහ පෑස්සුම් වැඩපොළක් බව පොලිසිය කියයි.
අනතුරින් පසුව කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ 2ක් පැමිණ පැය 2කට ආසන්න කාලයකදී ගින්න නිවා දැමූ බව පොලිසිය පවසයි. අනතුරින් අලෙවිසල් තුනට බරපතළ හානි සිදුවී ඇත. අනතුර හේතුවෙන් පැය තුනකට ආසන්න කාලයක් දැඩි වාහන තදබදයක් ද පැවතුණි. සිද්ධිය පිළිබඳව කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත්ත කරුණාරත්න මහතා ඇතුළු නිලධාරිහු පරික්ෂණ පවත්වති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment