පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා වියළි කාලගුණය වැඩි වශයෙන් බලපා තිබේ. වැඩිම පීඩාවට පත් පිරිස වාර්තාවන්නේ පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වන අතර එම සංඛ්‍යාව පිළිවෙළින් දෙලක්ෂ දහසයදහස සහ පනස්දහස් නවසියයකි.
මේ අතර කඩින් කඩ ඇදහැලෙන වැසි හේතුවෙන් ජීවිත හානි වාර්තා නොවන නමුත් තද සුළං හේතුවෙන් පසුගිය දින දෙක තුළදී ගම්පහ, කළුතර, කුරුණෑගල, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රිකවල පවුල් 714ක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන වාර්තා සඳහන් කරයි.
පැවැති වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වන කොත්මලේ, රන්දෙණිගල, බෝවතැන්න ජලාශයන් ද වාරිමාර්ග කලාපයන්ට අයත් කන්දලම, රාජංගණය, නාච්චදූව, නුවරවැව, හුරුළුවැව, තිසාවැව,මාදුරුඔය, කවුඩුල්ල, වෙන්ඩ්‍රාසන් හා කන්තලේ ජලාශවල ජල මට්ටම් පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සඳහන් කරයි.
වැසි ඇද හැලෙන නමුත් බොහෝ ප්‍රදේශවල ජනතාව තවමත් පානීය ජල ගැටලුවලට මුහුණ දී සිටින අතර විශාල පිරිසක් ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කිලෝමීටර් ගණනාවක දුර ගමන් කිරීමට සිදුවන බවට මැසිවිලි නගති.
නදීක දයා බණ්ඩාර - මහනුවර
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment