ත්‍රී රෝද රථයක් තුළ පිළිස්සුණු මළ සිරුරක්


තණමල්විල, කුකුල්කටුව ප්‍රදේශයේ ත්‍රිරෝද  රථයක් තුළ පිළිස්සීමෙන් මරණයට පත්ව ඇති පුද්ගලයෙකුගේ
සිරුරක් ඇති බවට

ඊයේ (27දා) සවස ලැබුණු තොරතුරක් අනුව පරීක්‍ෂණ ආරමිභ කර ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

 මෙලෙස මරණයට පත්ව ඇත්තේ තානායම පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.  මරණකරු පුද්ගල ඝාතනයකට සමිබන්ධ අයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (28දා) පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment