ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසන්නේ එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන විමර්ශන පවත්වන අතරතුර මෙලෙස එන්තරවාසි යොමු කිරීම සාක්ෂිකාරියට කරන ලද බලපෑමක් බවයි.
මේ පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහත දැක්වේ.
2018 පෙබරවාරි මස 26 වැනිදා
විමර්ශණ නිලධාරි
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
ආර්. ඒ .ද මැල් මාවත
කොළඹ
මහත්මයාණෙනි,
විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ විදුහල්පතිනියට බලපෑම් කිරීම
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. භවානි මහත්මිය දණගැස්වූ බවට අප විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විමර්ශන කටයුතු පසුගියදා ඇරඹීය.
උක්ත සිදුවීම සම්බන්ධයෙන් ඔබ විසින් විමර්ශනය කරමින් පවතින අතර තුර ඌව ප්‍රධාන අමාත්‍යවරයා විසින් අදාල විදුහල්පතිනි ආර්. භවානි වෙත බලපෑම් කරමින් සිටියි. එම බලපෑම්වල එක් පියවරක් ලෙස පසුගිය 2018 පෙබරවාරි 17 වනදා නීතිඥවරයෙකු මඟින් ආර්. භවානි මහත්මිය වෙත එන්තරවාසියක් යවා ඇති ප්‍රධාන අමාත්‍යවරයා අදාළ සිදුවීමෙන් තම කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන 500 ක් මුදලක් ඉල්ලා සිටියි.
මෙම එන්තරවාසිය භවානි මහත්මිය වෙත බලපෑම් කිරීමේ අරමුණින් යොමුකරන ලද්දක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විභාග වෙමින් පවතින කරුණක සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම නිත්‍යානුකූල නොවන බව අපගේ හැඟීමයි.
තවද වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සාමාන්‍ය කාර්යාලයීය ව්‍යාහාරික නොවන වදන් භාවිත කරමින් බලපෑම් කළ හඬ පටයක් ද මේ සමඟ අමුණා ඇත.
මේ හේතුවෙන් මෙම සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි.
මීට
විශ්වාසී
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
0 comments :
Post a Comment