බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකාව පළමු ඉනිම 713 දී අත්හිටුවයි



බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිම කඩුළු 9ක් දැවී ලකුණු 713 ක් ලබා සිටියදී අත්හිටුවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩනැගීමට ඉහළ දායකත්වයක් ලබාදෙමින් ද්විත්ව ශතකය අභියදී අවාසනාවන්ත ලෙස ඊයේ දැවී ගිය කුසල් මෙන්ඩිස් 196 ක් ලබාගත්තා.
ධනංජය ද සිල්වා 173 ක් සහ රොශේන් සිල්වා 190 ක් ලබාගත්තා.
ඒ ඔහුගේ මංගල ශතකයයි.
නායක දිනේශ් චන්දිමාල් ලකුණු 87ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක් සහ රංගන හේරත් 24 ක් බැගින් රැස් කළා.
පන්දු යැවීමේදී මෙහෙදි හසන් කඩුලු 3 ක් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් බිඳහෙලුවා.
මෙම තරගයේ බංග්ලාදේශ පළමු ඉනිම සියලුදෙනා දැවී 513 ක් ලෙස සටහන් වුණා.
මේ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී බංග්ලාදේශයට වඩා ලකුණු 200ක් ඉදිරියෙන් පසුවනවා.
බංග්ලාදේශ දෙවන ඉනිම දැන් ඇරඹී ඇති අතර සවස 3.20 ට  කිසිවෙකුනොදැවී 51 කි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment