මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් මීගමුව දුම්රිය ස්ථානයට

මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් මීගමුව දුම්රිය ස්ථානයට

මෙම ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රය තුළින් දුම්රිය මගීන්ට මෙන්ම ප‍්‍රදේශවාසීන්ටද වසරේ දින 365 ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24 ම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව දුම්රිය ස්ථානයන්හිදි සිදුකරගැනීමට අවස්ථාව උදාකරමින් මහජන බැංකුව ප‍්‍රවාහන අමාත්‍යංශය හා එක්ව මෙම වැඩපිළිවෙල දියත් කරන ලදී. දුම්රිය ස්ථාන දර්ශනීය අලංකාර, පොදු ජනතාවගේ සිත් ගන්නා තැනක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් සැලසුම් කර ඇති නවීකරණ වැඩපිළිවෙලට සහ මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ක්‍රියාවලියට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට මීගමුව ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති කේ.එස්. ආනන්ද ප‍්‍රනාන්දු, මහජන බැංකුවේ ගම්පහ ප‍්‍රාදේශීය කළමනාකාර වසන්ත රත්නායක, මීගමුව ශාඛා කළමනාකාර ජේ.ඩී.ආර්. ඥානතිලක යන මහත්වරුන් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment