රට තුළ ඩීසල් හිඟයක් පවතින බවට පැතිරී යන ආරංචි මුළුමනින්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීනිගත සංස්ථාව ප්‍රකාශ කරයි. එම සංස්ථාව මඟින් නිකුත් කළ නිවේදනයක
සඳහන් වන්නේ
රට පුරා ඩීසල් හිඟයක් සිදුවී තිබෙන බවට සමාජ ජාලා වෙබ් අඩවි සහ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් ඒවා විශ්වාස නොකරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සහ මුතුරාජවල තොග ගබඩාවල ප්‍රමාණවත් තෙල් තොග පවතින බව සඳහන් කරන එම සංස්ථාව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අපරාධ විමර්ශන අංශය වෙත ද දැනුම් දී ඇතැයි වැඩි දුරටත් පවසයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment