මැතිවරණ නීතිවලින් බේරී වැඩ කිරීමට අලුත්ම උපක්‍රමයක් දඹුල්ලෙන්!

මැතිවරණ නීතිවලින් බේරී වැඩ කිරීමට අලුත්ම උපක්‍රමයක් දඹුල්ලෙන්!

 

මෙම අවන්හල දඹුල්ල එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතාගේ ප්‍රතිපාදනවලින් සකස් කිරීම ආරම්භ කළ අතර පසුගිය සති කිහිපය පුරාම මෙම අවන්හල විවෘත කිරීමට උත්සහ කළ ද මාතලේ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එය තහනම් කිරීම නිසා විවෘත කිරීම කල් ගිය බවද දඹුල්ල නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද පෙබරවාරි 2 වනදා උදෑසන 10ට පමණ දඹුල්ල මහා නගර සභාව, දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ මධ්‍යම පළාත් මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා සම්බන්ධ වී මෙම අවන්හල වීවෘත කළ බව මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් ද තබා ඇත. දඹුල්ල මහා නගර සභාව සෘජු රැකියා 16ක් හා වක්‍ර රැකියා අවස්ථා රැසක් ලබා දෙමින් මෙම විවෘත කිරීම සිදු කරන්න යෙදුනේ සියලු චක්‍රලේඛනවලට පිටින් ගොස් බව පෙනේ.

dabulla 2

පෙබරවාරි 03 වන දින අගමැතිවරයා දඹුල්ලට පැමිණෙන රැස්වීමීට පෙර මෙම බොජුන් හල විවෘත කර රැකියා ලබා දීමට උත්සාහය විය. ඒ අනුව මෙම විවෘත කිරිමේ අවස්ථාවට දඹුල්ල නාගරික කොමසාරිස්වරයා හා නගර සභා නිලධාරින් සමග දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාද පැමිණ සිටියහ. එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නොසිටියද ඉන් විනාඩි කීපයකට පසුව මන්ත්‍රීවරයා පැමිණ සියලු දෙනාටම පෞද්ගලිකව ස්තුතිකරන අයුරු දැකගත හැකිවිය.

මේ පිළිබඳව මාතලේ මැතිවරණ කාර්යාලයට පැමිණිලි ලැබුණ බවත් එය විමර්ශනය කිරීමට දඹුල්ල පොලිසියට යොමු කර ඇති බව ද එහි ප්‍රකාශකයෙකු පැවසීය. මේ සම්බන්ධයෙන් විමසීමට දඹුල්ල මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.

dambulla 3

මහින්ද උදයසිරි - දඹුල්ල

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment