ඩෙංගු අවදානම ඉහළ යයි

ඩෙංගු අවදානම ඉහළ යයි
පසුගිය 2017 වසරේදී වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 184,442 ක් වන අතර ඉන් 41% ක් ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
 
මේ නිසා මදුරුවන් බෝ වියහැකි ස්ථාන පිළිබඳ සැළකිලිමත් වන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. පරිසරය පිළිබඳ නිරන්තර අවදානයෙන් පසුවිය යුතු බවත් දින තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගී තත්වය පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් එම ආයතනය පෙන්වා දෙනවා.
 
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඩෙංගු රෝගය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. මේ සඳහා ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක් ගෙන්වීම සඳහා කටයුතු කර තිබෙන අතර ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ මෙනෑෂ් විශ්වවිද්‍යාලය සමග ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම අධික ප්‍රදේශ තෝරාගෙන එම ප්‍රදේශවලට බැක්ටීරියාව යෙදීම හරහා ඩෙංගු මදුරුවන් බෝවීම අවම කරනු ඇත.
 
මෙම ඕස්ට්‍රේලියානු බැක්ටීරියාව මේ වනවිට ලෝකයේ සිටින කෘමීන්ගෙන් 60% ක් සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් අත්හදා බලා ඇති අතර එය සාර්ථක උපක්‍රමයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
 
UN
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment