මීට පෙර පසුගිය 21 වැනිදාද මේ සම්බන්ධයෙන් බලධාරීන් නිසි පරීක්ෂණයක් සිදු නොකර බව පවසමින් හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී.
හම්බන්තොට බස් නැවතුම්පොළ ඉදිරිපිට සිදුකරන ලද විරෝධතාවය සඳහා 700 කට අධික ගුරුවරුන් දෙමාපියන් සහ සිසුන් පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් සටන්පාඨ නගමින් කියා සිටියේ විදුහල්පතිනියගේ මිය යාම සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
'මෙම නායකත්ව පුහුණුවක් නිසා සුචී ජාතික පාසලේ විදුහල්පතිනියට ඉතාම අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න සිදු උනා, හමුදා පුහුණුව විදුහල්පතිවරුන් හට ලබාදීමට කටයුතු කිරීම නිසා. කොහොම උනත් එතුමියගේ මරණය සම්බන්ධයෙන් ලබා දුන් වෛද්‍ය වාර්තා ගැනද අප තුල විශාල සැකයක් තියෙනවා. එමනිසා ඒගැන නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුය'යි ලංකා ගුරු සේවා සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වැලිවැවේ Oම්මපාල හිමි කියා සිටියේය.
ඉදිරියේදී මෙම අවදානම් පුහුණුව නතර කරන ලෙසත් මියගිය විදුහල්පතිනියගේ පවුලේ අයට සාධාරණයක් ඉටුකර එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසත් විරෝධතාවයට එක්වූ දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
විදුහල්පතිවරුන් සඳහා පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහනකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය කුරුනෑගල වයඹ පුහුණු මධ්‍යස්ථානයේදී කඹයක ආධාරයෙන් ඉහළට ගමන් කිරීමේ පුහුණු අංගයේදී සිදුවූ අනතුරකින් පසුගිය 17 වනදා බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියාය.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
0 comments :
Post a Comment