රාජගිරිය - අතුරුගිරිය කණු මත දිවෙන මාර්ගයේ ශක්‍යතා අධ්‍යනය කරයි.


නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත දිවෙන මහා මාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතියේ, රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය යන ප්‍ර‘දේශවලට සහ පිටත වටරවුම් මහා මාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විතව කණු මත ඉදි කෙරෙන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබාදී තිබේ.

මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදිකිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 98.73ක මුදලකට M/s Resource Development Consultants (Pvt) Ltd. සහ M/s SMEC International pty වෙත පිරිනැමීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් මෙය අනුමත කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment