අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවූ ආර්ථික කළමනාකරණ කමිටුව කිසිඳු ඵලදායිතාවක් නොපෙන්වා ඇති බැවින් එය අහෝසි කල යුතු බවට ජනාධිපතිවරයා නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

එසේම අදාළ නිර්දේශය ඉදිරිපත් කරමින් පසුගිය කාලසීමාව පුරාවටම ආර්ථික කළමනාකරණ කමිටුව හරහා ගත් තීන්දු තීරණ අසාර්ථක වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති බවද වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ එම නිර්දේශයට කිසිඳු අමාත්‍යවරයෙකු විරෝධයක් පළකර නොමැත.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව නියෝජනය කළ අනෙකුත් සාමාජිකයන් වූයේ ආර්. පාස්කරලිංගම්, චරිත රත්වත්තේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග යන පාර්ශවය.

ඒ අනුව ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ විශේෂ වරප්‍රසාදයක් මෙතෙක් එම කමිටුවට පැවරී තිබූ නමුත් මෙතැන් සිට එම කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කර ඇති ජාතික ආර්ථික සභාවට පවරා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

කුරුනෑගල ප්‍රදේශයේ ඉදිකරණ බවට සඳහන් වූ වොක්ස්වැගන් කර්මාන්තශාලාව මෙන්ම හොරණ මිල්ලනියේ ඉදිකිරීමට ගිය ටයර් කර්මාන්තශාලාව ඇතුළු ආයෝජන කිහිපයක් සහ ප්‍රතිපත්තිමය ආර්ථික තීන්දු ගණනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවූ ආර්ථික කළමනාකරණ කමිටුව විසින් ගෙන එන ලද ව්‍යාපෘති ලෙස මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද ඒ කිසිවක් ක්‍රියාත්මක වුයේ නැති බවත් ඒ සමබන්ධව ජනතාව තුළ සහ ආණ්ඩුව අභ්‍යන්තරයේ ගොඩනැගුණු අප්‍රසාදය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කළ බවද වාර්තා වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment