ලසන්ත ඝාතනේ තමාපිට දාන හේතුව ගෝඨා කියයි.


ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව නොමඟ යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා උත්සාහය හාස්‍යජනක බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

දේශපාලනඥයින් විසින් සිදුකරන ප්‍රකාශවලින්ද එය පැහැදිලි වන බව තමාට එල්ල වී ඇති චෝදනා පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්, රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම හා ඩී.ඒ. රාජපක්ෂ පදනම වැනි විෂයන් රැසක් යටතේ විවිධ විමර්ශන පවත්වමින් තම චරිතය ඝාතනය කිරිමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ හිටපු පුවත්පත් කර්තෘවරයෙකු වන ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන් සම්බන්ධ බව පවසා එමගින් හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන අරමුණු මුල් කර ගනිමින් පොලිසිය පවා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කරමින් රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙලට සහය ලබාදෙන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳව රට තුළ පමණක් නොව ජාත්‍යන්තරව ද රටට මහත් අපකීර්තියක් සිදුවන බව ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment