නීතිය හා සාමය අගමැතිගෙන් ඉවත් කරනවා - රාජිත සේනාරත්න

නීතිය හා සාමය අගමැතිගෙන් ඉවත් කරනවා - රාජිත සේනාරත්න

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එම අමාත්‍ය ධුරය ලබා දීමට නියමිත ඇති බවට මේ දින වල පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.


සති දෙකක කාලයක් තුළ එම අමාත්‍ය ධූරය අගමැතිවරයාගෙන් වෙනත් අයෙකුට ලබා දීමේ තීන්දුවක් පැවතියත් එය සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවට නිශ්චිත වශයෙන් තීරණයක් ගෙන නොමැති බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩල සංශෝධනය පමණක් නොව පළාත් පාලන ආයතන වෙත නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට අර්බුද පැන නැගී ඇති අතර එය ආණ්ඩුවේ අසමත්කම නොවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

මේ වන විට රට පාලනය කරන්නේ ජාතික ආණ්ඩුවකින් වීම නිසා යම් යම් ප්‍රශ්න මතු විය හැකි බව සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කිරීමට මැතිවරණ කොමිසම කල් ඉල්ලා ඇති අතර මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් වීම නිසා යම් සංකීර්ණ බවක් මතුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. කාන්තා නියෝජනය වැනි නවතම කරණා එක් වීම නිසා යම් තාක්ෂණික ප්‍රශ්න මතුව ඇති නමුත් එය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බව පැවසූ රාජිට සේනාරත්න අමාත්‍යවරයා අවධාරණය කළේ එළඹෙන 20 වැනිදා වන විට එය නිරාකරණය වනු ඇති බවයි.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද කැබිනට මාධ්‍ය හමුවේදී අදහස් පළ විය. කෙසේ වෙතත් යම් කාලයක් ගත වුවත් උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වීමට කටයුතු කරන පරිද්දෙන් ඉදිරියේදී හිටපු මහ බැංකු අධිපතිවරයාද ගෙන්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අර්ජුන් මහේන්ද්‍රන ගැන ප්‍රශ්න කරන මාධ්‍ය පසුගිය කාලය තුළ සිය සගයන් ඝාතනය වීම ගැන , වංචා දුෂණ සෙවීම ගැන ප්‍රශ්න නොකරන බවද රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිදු වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ඊට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගනිමින් සිටින බව කියා සිටි අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට යම් කිසි හෝ පාර්ශවයක් වුවමනාවෙන් මැදිහත් වූයේද යන්න පිළිබඳවද සොයා බලන බවයි.

මේ අතර නව සංශෝධනයන්ට යටත්ව ජාතික විගණන පනත සම්මත කර ගැනීමටද ඊයේ (27) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් අවශ්‍ය බවට විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳවද කැබිනට් රැස්වීමේදී සාකච්ජා කර ඇත. වැසි සහිත කාලගුණයක් ඉදිරියටත් නොලැබුණොත් දැනට නිෂ්පාදනය කෙරෙන විදුලිය ප්‍රමාණවත් නොවන හෙයින් එලෙස විදුලිය මිලදී ගැනීමට සිදුවන බවයි එම සංදේශයෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව පවත්නා නියං තත්ත්වය හා අලුතින් බලාගාර ඉදි කිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොඩ් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment