පළාත් පාලන ආයතන පිහිටුවීමේ ගැසට් නිවේදනය මාර්තු 20 දක්වා කල්දමයි

පළාත් පාලන ආයතන පිහිටුවීමේ ගැසට් නිවේදනය මාර්තු 20 දක්වා කල්දමයි
මෙවර පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වූ අතර මන්ත්‍රීවරුන් පත්කිරිමේදී ගැටලු සහගත තත්වයක් මතුව තිබීම මෙයට හේතුවයි. විශේෂයෙන් පළාත් පාලන ආයතන ගණනාවක කාන්තා ප්‍රතිශතය සම්පූර්ණ කිරීම ගැටලුවක් වී ඇති අතර මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පසුගියදා ප්‍රකාශ කළේය.
 
කාන්තා සංවිධාන 40 ක් පමණ මේ පිළිබඳව ඇමතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ 25% කාන්තා කෝටාව ආරක්ෂා කරදෙන ලෙසයි.
 
සෑම දේශපාලන පක්ෂයක්ම කාන්තා කෝටාව ආරක්ෂා කළයුතු බවත් එය නොසලකා හරින්නේ නම් ඊට එරෙහිව නීතිමය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා පවසයි. මේ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කර ඇති බවද මුස්තාපා මහතා සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment