සජිත්, අගමැතිකම ගැන උත්තර දෙයි.


අග‍්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගෙන් ඊයේ (12) විමසීමක් කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදීයි.

ප්‍රශ්නය - අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් ගැන සාකච්ඡා වුණාද?

පිළිතුර - නෑ එහෙම දෙයක් සාකච්ඡා කළේ නෑ.

ප්‍රශ්නය - මීළඟ අගමැති ගැන ඉඟියක් දෙන්න පුළුවන්ද?

පිළිතුර - කරුණා කරලා ජනාධිපතිතුමාගෙන් අහන්න කෝ.. මට මේ ඇමතිකම තියෙන්න පුළුවන්..හෙට උදේ නැති වෙන්න පුළුවන්..

ප්‍රශ්නය - ඇමතිකමින් අයින් කරලා අගමැති කරන්නත් පුළුවන් නේද? 

පිළිතුර - ඔව් ඉතින්. ඇමතිකමින් අයින් කරලා..කෙලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රි කරන්නත් පුළුවන්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment