දැල්පන්දු ගුරුවරයා සිසුවියට පහරදුන්නැයි දෙමාපියන්ගේ උද්ඝෝෂණයට මැරයන් එවා පහරදීලා


දැල්පන්දු ගුරුවරයා සිසුවියට පහරදුන්නැයි
දෙමාපියන්ගේ උද්ඝෝෂණයට

මැරයන් එවා පහරදීලා


කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් ගම්පොළ නුගවෙල නයාපාන මහ විද්‍යාලයේ 15 හැවිරිදි ශිෂ්‍යාවකට පහරදීමේ සිද්ධියක් මත එම පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සහභාගි වීමට නොහැකි වූ බව පැවැසූ  අවස්ථාවේ පාසලේ ක්‍රීඩා ගුරුවරයා කුපිතවී ඇයට පහරදීමෙන් පසු රෝහල් ගතවන්නට සිදුවිය.
ගුරුවරයාගේ පහරදීම් තුවාල සහිතව ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇයව ඇතුළත් කළ ද එම ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට මුලදී පොලිසිය ක්‍රියා කර තිබුනේ නැත.
දැරියට සාධාරණය ඉටු නොකළැයි
පාසල ඉදිරිපිට මවුපිය පිරිසක්

විරෝධය දැක්වූ අතර එම අවස්ථාවේ පහර දුන් ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටි මැර පිරිසක් මව්පියන්ට පහරදී එළවා දැමීම නිසා එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
දැරිය දැල්පන්දු පුහුණුව ලබන අතර පසුගිය සඳුදා අසනීප වීම නිසා පුහුණුවට සහභාගි වීමට නොහැකි බව පැවැසීම නිසා ගුරුවරයා පහර දී මෙන් පසු මේ පිළිබඳව ගම්පොළ පොලිසියට හා පුස්සැල්ලාව පොලිසිය වෙත මේ ශිෂ්‍යාවගේ මවුපියන් පැමිණිලි කොට තිබුණත් දින 5ක් ගත වුවද මේ පිළිබඳව පාසල මඟින් හෝ පොලිසි මඟින් නිසි පරීක්‍ෂණයක් සිදු නොවූ නිසා සිකුරාදා (23දා) දින මොවුන් සාමකාමී විරෝධතාවකට යොමු වී තිබිණි.

එම අවස්ථාවේ පාසල් භූමිය තුළ සිට එළියට පැමිණි ගුරුවරයාට සහාය පළ කළ තරුණ පිරිසක් හා ගැහැනු පිරිසක් මේ සාමකාමි විරෝධතාවයේ නිරත වූ මවුපියන්ගේ අත රැඳි විරෝධතා පුවරු උදුරා ඉරා දැමූ අතර මාධ්‍යවේදීන්ගේ කැමරාවලටද පහර දෙන ලදි.
පසුව ගම්පොළ හා පුස්සැල්ලාව පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කළ අතර සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගන්නට පුස්සැල්ලාව පොලිසිය කටයුතු කරන ලදි.
නාවලපිටිය මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා වෙත සිකුරාදා සවස ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.
මෙසේ ශරීර ඇප නියම වූයේ හරංගල ප්‍රදේශයේ පදිංචි එරංද දේශප්‍රිය බණ්ඩාර නාගහවත්ත නමැති ගුරුවරයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment