මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
පසුගිය රජය සමයේදී රටපුරා මුස්ලිම් ජාතිකයන්ට පහරදෙමින්, අඩන්තේට්ටම් කරමින් ගෙනගිය ක්‍රියාකලාපය පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔවුන් නැවතත් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබේ.
 
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා වෙත ලිපියක් යොමුකර ඇති අතර එම සංවිධානය පවසන්නේ මහනුවර, කළුතර, අගලවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජාතිකයන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගෙන් තාඩන පීඩන එල්ල වී ඇති බවයි.
 
මින් පැහැදිලි වන කරුණ වන්නේ ඔවුන් ගෙනගිය අත්තනෝමතික පාලනය ජනතාව විසින් වරක් ප්‍රතික්ෂේප කළද ඉන් ඔවුන් පාඩම් ඉගෙන ගෙන නොමැති බවයි. නැවතත් එවැනි අත්තනෝමතික පාලනයක් ප්‍රාදේශීය වශයෙන් ගෙනයෑමට රාජපක්ෂලාගේ ආධාරකරුවන් උත්සාහ ගනිමින් සිටී.
 
muslim
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment