තරුණයන්ට තැන දෙන්න සිංගප්පූරුව ඇමති මණ්ඩල සංශෝධනයකට.


සිංගප්පූරු පාර්ලිමේන්තුව මධ්‍ය වාර්ෂික විවේකය  ලබාගැනීමෙන් අනතුරුව තරුණ අමාත්‍යවරුන්ට වැඩි අවස්ථා හා වගකීම්  ලබාදීම වෙනුවෙන් කැබනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා පවසයි.

සිය ෆෙස්බුක් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. “මේ හරහා මාගේ අනුප්‍රාප්තිකයාට ශක්තිමත් හා පළපුරුදු කණ්ඩායමක සහයෝගය ලබාගැනීමට හැකිවේවි.  ඒ හරහා සිංගප්පූරු අනාගතය තවදුරටත් වඩා හොඳ හා දීප්තිමත්වේවි” යැයි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment