ජනපති, අගමැති හමුවේ ගත් තීන්දු මෙන්න.


අද පස්වරු 6.30ට පමණ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසී ඉදිරි මාස 20 ක වැඩපිළි‍වෙළ පිළිබඳ හදිසි සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මත ඇති වී තිබෙන තත්වයන් සාකච්ඡා කර, ඉදිරි කාලය සඳහා කළ යුතු රැඩිකල් වෙනස්කම් රාශියක් පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ.

කැබිනට් සංශෝධනයක්

එහි පළමුවැනි අංගය වශයෙන් වහාම කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත ය.  

මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කර තිබෙන්නේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසිනි. අද උදෑසන අගමැතිවරයා හමුවූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉන්පසු ජනපතිවරයා මුණ ගැසී අද සවස සාකච්ඡාව සඳහා ඔවුන් දෙදෙනා මුණ ගැස්සවීමට කටයුතු සම්බන්ධීකරණය කර ඇත.

එසේම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මහින්ද පිළ මෙවර ලබාගෙන තිබෙන්නේ 44.38% ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. එයට සාපේක්ෂව මෛත්‍රී, රනිල් සහ ජ.වි.පෙ. කණ්ඩායම් විසින් 51.83%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ. මෙය 2015 වසරට සාපේක්ෂව සලකා බලන්නේ නම් මහින්ද පිල 2015 වසරේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 47.58% ක් විය. ඒ අනුව මහින්ද පිලේ ඡන්ද පදනම, 2015 වසරට වඩා මදක් අඩු වී ඇති ආකාරය ද පෙනේ. මේ අතර මෛත්‍රී, රනිල් සහ ජ.වි.පෙ. විසින් 2015 වසරේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 51.28% කි. ඒ අනුව ඔවුන් සිය ඡන්ද පදනම එලෙසම පවත්වා ගැනීමට හෝ මදක් වැඩි කර ගැනීමට සමත් වී තිබේ.

තවද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්කාසු වුවහොත් ඔවුන් දෙපිරිසට පළාත් පාලන ආයතන එකසිය ගණනක බලය පිහිටුවිය හැකිය. අද සන්ධ්‍යාවේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව ද නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment