CSN නාළිකාවේ බලපත්‍රය යළි නොලැබෙයි - රජයේ තීරණයක්

CSN නාළිකාවේ බලපත්‍රය යළි නොලැබෙයි - රජයේ තීරණයක්

සී.එස්.එන් නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය නීතිවිරෝධී නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (27) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

නාළිකාව නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නිසා බලපත්‍රය අවලංගු කර තිබෙන බව කී අමාත්‍යවරයා, මෙය පරිපාලනමය කටයුත්තකට සම්බන්ධ කරුණක් මිස ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වයට සිදු කළ දෙයක් නොවන බවද කොන්දේසි උල්ලංඝණය කර තිබෙන නිසා බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව තිබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

සී.එස්.එන්. නාළිකාවේ අත්හිටවූ විකාශන බලපත්‍රය නැවත ලබා නොදෙන බව පැවසූ අමාත්‍යවරයා රූපවාහිනී සේවයක් ආරම්භ කිරීමට අදාළව කොන්දේසි සපුරා නොතිබීමත්, නීතිවිරෝධී අයුරින් එම රූපවහිනි සේවය ආරම්භ කිරීමත් හේතුවෙන් නැවත එම බලපත්‍රය ලබා නොදෙන බව ද අමාත්‍යවරයා පැවසි ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment