දළදා මාලිගය ඉදිරිපිට පාර විවෘත නොකර උමං මගක් ඉදි කරයි

දළදා මාලිගය ඉදිරිපිට පාර විවෘත නොකර උමං මගක් ඉදි කරයි

යළිත් කිසිදිනක මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමේ අදහසක් නැති බවත් මහනුවර මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහනුවර සිට තැන්නේකුඹුර, ගැටඹේ යා කෙරෙන උමං මාර්ගයක් ඉදිකිරීමට රජය කටයුතු කරන බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ තෙවන සැසි වාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් එහිදී අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, "වසර 2018 ජනවාරි මාසයේදී මහනුවර නගරය හරහා ඉදිකිරීමට යෝජිත උමං මාර්ගය ඉදිකිරීම ආරම්භ කරනවා. එය තැන්නේකුඹුර සිට නුවරවෙල දක්වාත් එතැන් සිට බෝගම්බර දක්වාත් එතැනින් විලියම් ගොපල්ලව මාවත හා ගැටඹේ හන්දිය දක්වාත් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. උමං මාර්ග ව්‍යාපෘතිය වසර දෙකකින් නිමකිරීමට සැලසුම්කර තිබෙනවා. " ලෙසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,"එදා දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩ වෙනුවට අද රටේ සියලුම ජනතාවට පක්ෂ, පාට බේදයකින් තොරව ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන ව්‍යාපෘති නව රජය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වනවිටත් මහනුවර - කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු හා දෙවන කොටසේ ඉදිකිරීම් දැනට ක්‍රියාත්මකයි. එහි තෙවන කොටසේ ඉදිකිරීම් එළඹෙන 2017 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරනවා " යනුවෙන් පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment