රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වීමට අවසර

රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වීමට අවසර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (27) අවසර දුන්නේය.

අවම වශයෙන් උපාධිධාරීන්ගෙන් සමන්විත ජූරි සභිකයන් සහිත සභාවක් ඉදිරියේ නඩුව විභාග වීමට නියමිතය.

මේ වනවිට නඩුව සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු ඉදිරිපත් කර ඇති අතර තවත් සැකකරුවන් තිදෙනකු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට යයි.

එම නඩුව ලබන 31වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් තීරණය කර තිබේ.

අදාළ ජූරි සභාවේ සංයුතිය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම 31 වැනි දා කැඳවීමෙන් සිදුකරන බව වාර්තා වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment