යාපනේ මියගිය සිසුන් දෙදෙනාට තමිල්නාඩුවේ උද්ඝෝෂණ - 200 ක් අත්අඩංගුවට

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට විරෝධය දක්වමින්

තමිල්නාඩු ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අසල කලහකාරීව හැසිරුණු පිරිසක් එරට පොලීසිය විසින්

අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 ‘මැයි 17‘ නැමැති එල්ටීටීඊ හිතවාදී පක්ෂයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබී ඇත.
කලහකාරී හැසිරීම මත නාම් තමිලර් කච්චි පක්‍ෂයේ නායක සීමාන්, ද්‍රවිඩ විමුක්ති කොටි සාමාජික පක්‍ෂයේ නායක ටී.තිරුමානවන්, එම්.ඞී.එම්.කේ පක්‍ෂයේ
මල්ලලෙයි සත්‍යා යන කොටි හිතවාදී දේශපාලන නායකයින් ඇතුළු 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවද වාර්තා වෙයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment