ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්නැයි එජාපයෙන් ඉල්ලලා නැහැ?


නීතිය හා සාමය අමාත්‍යංශය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සදහා කිසිදු යෝජනාවක් එජාපය පාර්ශවයෙන් ඉදිරිපත් නොවූ බව ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙක් Info Sri Lanka News වෙත පැවසීය.

ජනාධිපතිවරයා විසින් එය ෆොන්සේකා මහතාට ලබා නොදී සිටින බවට මාධ්‍ය විසින් කරන චෝදනා අසත්‍ය බවද සදහන් කල ඔහු අගමැතිවරයාට එය ලබා දීම අමතර බරක් යයි එල්ල වන චෝදනාද බැහැර කරයි.

එවන් ප‍්‍රකාශ මගින් කියන්නේ අගමැතිවරයාට අමාත්‍යංශ කිහිපයක් එක්ව මෙහෙයවීමට නොහැකි බවදැයි ප‍්‍රශ්න කල ඔහු රටේ නායකත්වයට පත් කිරීමට සූදානම් වන්නේ එවන් පුද්ගලයෙක්දැයි ඇසීය.

කෙසේ වෙතත් ඒ ආකාරයේ වාර්තාවන් මගින් සිදුවන්නේ අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි කිරීම බවත් ප‍්‍රකාශකයා කීය.

එසේම දෙසතියක් ඇතුලත එම ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් ජනාධිපති කාර්යාලයේ සිදු නොවන බවද අවධාරණය කලේය.

එම ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතා දෙසතියක් ඇතුලත ලබා දීමේ සුදානමක් ඇති බවට Info Sri Lanka News විසින් ඊයේ වාර්තා කල අතර එය අද ඩේලිමිරර් සහ අද පුවත්පත් විසින් ද පල කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment