ඇමති සංශෝධනය යළි සංශෝධනය වෙයි : අජිත්ට යලිත් විදුලිය.


අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා තමන්ට හිමිවූ අමාත්‍යංශ විෂය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සිය බලවත් අප්‍රසාදය පළකර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍යවරයා මුණගැසී සිය අප්‍රසාදය පළකර ඇති අතර අමාත්‍ය විෂයේ වෙනසක් පැය 24 කට පෙර සිදුනොවුණහොත් ඉල්ලා අස්වන බවද එහිදී පවසා ඇත.

අමාත්‍යමණ්ඩල සංශෝධනයට පෙර අජිත් පී. පෙරේරා කටයුතු කලේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු අවස්ථාවේ අජිත් අමාත්‍යවරයා තමන් පෙර දරන ලද අමාත්‍යාංශයම ඉල්ලා ඇති බවය.

කෙසේ වුවත් එහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදී අවසන් තීන්දුව ලෙස ගෙන තිබෙන්නේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් පී.පෙරේරාට එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යධූරය ලබාදීමටය.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේද එජාප නායකත්වයේ බලවත් ඉල්ලීම මත ඊයේ (25) සිදුකළ අමාත්‍යංශ සංශෝධනය නැවත සංශෝධනය කරමින් තවත් දිවුරුම්දීමක් සිදුකිරීමට නියමිත බව තමන්ටද දැනගැනීමට ඇති බවය.

ඒ අනුව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් පී.පෙරේරා දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment