මෙම සාකච්ඡාව තීරණාත්මක වන අතර ෆොන්සේකා මහතා මෙහිදී කරුණු කිහිපයක් සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය ඉරිදා අගමැතිවරයා යටතට පැවරුණු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ඉදිරි සතියේදී සරත් ෆොන්සේකා මහතාට වෙත පැවරීමට නියමිත අතර ෆොන්සේකා මහතා පවසන්නේ කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නම් තමන් අමාත්‍ය ධූරය භාරගැනීමට සූදානම් බවයි.
පසුගියදා ෆොන්සේකා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ සමබන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ කිසිවකුගේ බලපෑමකින් තොරව කටයුතු කරන්නට ඉඩ ලැබෙන්නේ නම් තමන් නීතිය හා සාමය අමාත්‍යංශය භාරගැනීමට කැමති බවයි. එ් සඳහා අගමැතිවරයා එකඟතාවය පළකර ඇති අතර ෆොන්සේකා මහතාට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට ද කැමැත්ත පළකර තිබේ.
අද සවස ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා සිය කොන්දේසි ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පෙන්වා දෙන්නේ මෙතෙක් කල් සිදු වූ අයුරින් විවිධ පුද්ගලයන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ කටයුතුවලට බලපෑම් සිදුකළ අයුරින් ඇඟිලි ගැසීම් සිදුකළ අයුරින් ඉදිරියට ද සිදුවන්නේ නම් එම තනතුර භාරගැනීමට තමන් කිසිසේත් සූදානම් නොවන බවයි.
තමන්ට මෙම ඇමති ධූරය ලබාදීමට එරෙහිව මේ වනවිට විශාල කුමන්ත්‍රණයක් දියත් වන බවත්, රාජපක්ෂ පවුලේ පුද්ගලයන්, හිටපු ආරක්ෂක අංශ නිළධාරීන් මෙන්ම පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිළධාරීන් පිරිසක් මෙම කුමන්ත්‍රණ පිටුපස සිටින බවත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම සියලු දෙනා අතේ ලේ තවරා ගත් පුද්ගලයන් හෝ දූෂිතයන්, වංචනිකයන් හෝ බවයි. නිවැරදිව නීතිය ක්‍රියාත්මක වූයේ නම් සිරගතව සිටිය යුතු මෙම පුද්ගලයන් දැන් දැඩි සේ බියට පත්ව සිටින බවත් ඒ නිසා තමන්ට නීතිය හා සාමය අමාත්‍යධූරය අහිමි කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ සිදුකරමින් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම පුද්ගලයන් පිළිබඳව සියලු තොරතුරු තමන් සතුව පවතින බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා පවසන්නේ තමන්ට ස්වාධීනව ඇඟිලි ගැසීම්වලින් තොරව කටයුතු කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවයි.
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ වෙනත් පුද්ගලයෙකු හෝ තමන්ට බලපෑම් කරන්නේ නම්, කටයුතු කළයුත්තේ ඔවුන්ට අවශ්‍ය පරිදි නම් මෙවැනි අතිශය වැදගත් ඇමතිධූරයක් තමන්ට පැවරීමේ කිසිදු වඅශ්‍යතාවයක් නොමැති බවයි ඇමතිවරයාගේ අදහස වන්නේ.
මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්, එම කරුණුවලට ජනාධිපතිවරයා එකඟතාවය පළකරන්නේ නම් තමන් ඕනෑම මොහොතක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාරගෙන නිවැරදිව හා ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් බවත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.
මෙම රැස්වීමේ එකඟතා සම්බන්ධයෙන් සහ ෆොන්සේකා මහතාගේ ඉල්ලීම්වලට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටිමු.
0 comments :
Post a Comment