ශ්‍රීදේවි මැරුණේ බීමතින් දියේ ගිලිලා?


දැවැන්ත බොලිවුඩ් තරුවක් වූ ශ්‍රී දේවි මියගොස් ඇත්තේ ඩුබායි හි ඇය සිටි හෝටල් නාන කාමරයේ තිබුණු නාන ටබ් එක තුළ ගිලීමෙන් බව වාර්තා වේ.

මූලික පරීක්ෂණ වලින් මේ බව පෙනී යන්නේ යැයි ඩුබායි පොලිසිය පවසන බව ගල්ෆ් නිවුස් පුවත් සේවය වාර්තා කරයි.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ එය දියේ ගිලීමක් බව යැයි පොලිසිය එම පුවත් සේවයට වැඩිදුරටත් පවසා ඇත.

ඇගේ සිරුරෙන් මත්පැන් වල අංශුමාත්‍ර හමුවූ බවත්, මෙය මරණය සිදුවීමට හේතුව විය හැකි යැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී මිය ගිය ශ්‍රී දේවි ගේ දේහය, මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද දිනයේදී දැවැන්ත ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්බානි ගේ පෞද්ගලික ජෙට් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවරට ගෙන යනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත්, මුලින් වාර්තා වූයේ ශ්‍රී දේවි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment