අජිත් විදුලි පුටුවේ ඉඳ ගැනීමට ජනපති මුණගැහෙයි.

අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා බලා සිටි බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු එසේ ජනපතිවරයා මුණ ගැසීමට බලා සිට ඇත්තේ පසුගිය 25 වැනිදා සිදුකරණ ලද යහ පාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයෙන් ඔහුගේ අමාත්‍ය ධූරය වෙනස් කිරීම නිසාය.

එම සංශෝධනයේදී පෙරේරා මහතාට හිමිවූයේ බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

ඒ මහතා ඊට පෙර කටයුතු කළේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය.

පෙරේරා මහතාට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති කැබිනට් අමාත්‍ය ධූරය ලබාදෙන බවට පොරොන්දුවක් තිබූ බවද පැවසෙන අතර, කෙසේවුවද, ඔහු මේවන විට ඉල්ලා සිටින්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධූරය බවත් පැවසේ.

කැබිනට් සංශෝධනයෙන් පසුදින ඊයේ (26) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා දිවුරුම් දෙන බවට මාධ්‍ය වාර්තා පලවුවද එය එසේ සිදුනොවුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment