විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය ස්ථිරයි - විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය ස්ථිරයි - විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව
ඒ අනුව හෙට දින විශ්වවිද්‍යාල 15ම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය. ඒ මහතා සඳහන් කළේ සියලුම විශ්වවිද්‍යාලවල සේවය කරන 15,600ක පමණ අනධ්‍යන සේවක මණ්ඩලය මේ සඳහා එක්වන බවයි.
 
අද සවස උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ  සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එම ගැටලු පිළිබඳව අධ්‍යනය කිරීමකින් අනතුරුව විසඳුමක් ලබා දෙන බවයි. එසේම ඒ මහතා සඳහන් කළේ නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එම ගැටලු පිළිබඳව ධනාත්මකව බැලූ බවයි. 
 
රිච්මන්ඩ් මහතා සඳහන් කරන්නේ වැඩවර්ජනය අතහැරීමට විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කරන්නේ පිළිගත හැකි විසඳුමක් ලැබුණහොත් පමණක් බවයි. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment