තොරතුරු දැනගැනීමේ කොමිසමට 2018 මුල් මාස 2 තුළ පමණක් අභියාචන 110 ක්

තොරතුරු දැනගැනීමේ කොමිසමට 2018 මුල් මාස 2 තුළ පමණක් අභියාචන 110 ක්

ඔහු ඒ බව කියා සිටියේ කොමිෂන් සභාවට මෙතෙක් ලැබී ඇති අභියාචනා ප්‍රමාණය කොපමණදැයි අප ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. 2017 මාර්තු 22 කොමිෂන් සභාවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරී තිබිණි. එම වසරේ මාර්තු 26 වනදා සිට අභියාචනා විමර්ශනයට ලක් කෙරී ඇති අතර 2017 වසරේ විධිමත් අභියාචනා 355 ක් කොමිසම වෙත ලැබී ඇත. 2018 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මුල් මාස දෙක තුළ පමණක් පැමිණිලි 110 ලැබී තිබේ. කොමිෂන් සභාවට ලැබුණු මුළු අභියාචනා ප්‍රමාණය 465 ක් බවත් ඉන් 110ක් විමර්ශන අවසන් කර තීන්දු ලබා දී ඇති බවත් පියතිස්ස රණසිංහ මහතා පැවසීය.

“මාසෙකට අට වතාවක් කොමිෂන් සභාව රැස්වෙනවා. දවසකට අභියාචනා දහයක්වත් විභාග කරනවා. ඉදිරියේ දී ඒක විස්ස දක්වා වැඩි කරන්න කටයුතු කරනවා. ප්‍රමාද වීම් සිදුවෙන්නේ විධිමත් ලෙස අභියාචනා ගොනු කර නැති අවස්ථාවලයි. ජනතාව උනන්දු වෙන තරමට අපේ විමර්ශන ක්‍රියාවලියත් ශක්තිමත් ලෙස දියත් කරනවා. සමහර අභියාචනා කොමිෂන් සභාව ඉදිරියේ සමත වෙලා තියෙනවා. ඉතාම සුළු ප්‍රමාණයක් විතරක් ඉල්ලා සිටින තොරතුරු නීත්‍යනුකූලවම ලබා දීමට නොහැකි ඒවා. කොහොම වුණත් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ජනතාව උනන්දු වෙනවා. ඒක හොඳ තත්ත්වයක්. මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් අභියාචනා 110 ක් ලැබීමෙන් ඒ තත්ත්වය පැහැදිලියි’’ යනුවෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

- දයා නෙත්තසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment