ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට කමිටුවක්.


පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගතව ඇති දේශපාලනික අර්බුදය හමුවේ රට ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව තිරණය කිරිමට කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් අද රාත්‍රියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදීය.

මෙම කමිටුව හෙට කැබිනට් හමුවේදී පත්කිරීමට නියමිත බව වාර්තාවෙයි. ඒ සඳහා අග්‍රමාත්‍යවරයා ජනපතිවරයා අතර එකඟතාවක්ද ඇතිව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment