බ්‍රිගේඩියර්ට උගන්වන්න චීනෙ යවයි.


බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ගත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා අද ( 26 දා ) පැවසීය.

යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අතර මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව බ්‍රිගේඩියර්වරයාගේ බ්‍රිතාන්‍ය තානාපති සේවය අවලංගු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර බ්‍රිගේඩියර්වරයා ලංකාවට නොගෙන්වා මහකොමසාරිස් කාර්යාලයේ රැකියාව ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වූ බවත් , ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ඔවුන් ලංකාවට ගෙන්වා ගන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා තිබෙන බවත් හෙතෙම පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment