ඌවේ මහ ඇමතිගෙන් විදුහල්පතිනියට තවම වදේලු

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සමිපත් දසනායක මහතා බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මියට තචදුරටත් බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

දණගැස්වීම් සිද්ධිය සම්බන්ධව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

පවත්වන විමර්ශනය අතරතුර මහ ඇමතිවරයා විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500ක මුදලක් ඉල්ලා එන්තරවාසි යොමු කිරීමෙන් සාක්ෂිකාරියට බලපෑමක් සිදුවන බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විභාග වෙමින් පවතින කරුණක් සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම නීත්‍යනුකූල නොවන බැවින් මේ සම්බන්ධව සොයා බලා පියවරක් ගත යුතු බවද මානව හිමිකමි කේන්ද්‍රය සඳහන් කරයි, මේ පිළිබඳ සදහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත  ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment