හොරකම, දූෂණය ලංකාවේ ඡන්ද දායකයින්ට ප්‍රශ්නයක් නෙවෙයි! - ආචාර්ය ජගත් වැල්ලවත්ත

හොරකම, දූෂණය ලංකාවේ ඡන්ද දායකයින්ට ප්‍රශ්නයක් නෙවෙයි! - ආචාර්ය ජගත් වැල්ලවත්ත

පළාත් පාලන මැතිවරණ දිනයේ ප්‍රතිඵල නිකුත් වන මධ්‍යම රාත්‍රිය වන විට ඔහුගේ හිතවත් ආචාර්යවරයෙක් ඔහුට දුරකථනයෙන් අමතා ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය ගැන සුබ පැතීමට ය. ඒ වන විටත් පෙනෙන්නට තිබුණු දැවැන්ත ජයග්‍රහණය ගැන සුබ පැතූ මිතුරු ආචාර්යවරයා ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පාලනයට ගිය වර වැරදුණු තැන් හදාගෙන නව ගමනක් යාමට උත්සාහ දරණ ලෙසයි.

ආචාර්ය ජගත් ඒ මොහොතේ වහාම විමසා ඇත්තේ "වැරදි ? මොනවද වැරදි ?" යනුවෙනි. ඒ මොහොතේ හිතවත් ආචාර්යවරයා පිළිතුරු දී ඇත්තේ "ඇයි පහුගිය කාලේ කොච්චර චෝදනා එල්ල වුණාද ? ඔක්කොම හිටියේ වංචා, දූෂණ වලට සම්බන්ධ සෙට් එකක් නේ" කියා ය.

"මොනවද මේ කියන්නේ ? ලංකාවේ ඡන්ද දායකයින්ට හොරකම, දූෂණය ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගැන එයාලා එක්ක කතා කරලා වැඩක් නැහැ. මේ මිනිස්සු එක හඬින් ඉල්ලලා තියෙන්නේ 2015 ජනවාරි වලට කලින් තිබුණා වගේ පාලනයක්" යැයි ආචාර්ය ජගත් ඒ මොහොතේ සිය මිතුරාට පවසා ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයා ද වන ආචාර්ය ජගත් වැල්ලවත්ත වැනි පොහොට්ටු න්‍යායාචාර්යවරුන් නිසා ලංකාවේ සිදුවූ දෙය සහ ට්‍රම්ප්ගේ කැම්පේන් න්‍යායාචාර්යවරුන් නිසා ඇමරිකාවේ සිදුවූ දෙය අතර වැඩි වෙනසක් නැත. මේ දෙකෙන්ම සිදුවුණේ බුද්ධිමත් ජනතාවට ප්‍රතික්ෂේප කිරීමට උවමනාවටත් වැඩි කාරණා තිබූ චරිත, පොපියුලිසම් හෙවත් බහුජනවාදය විසින් ඔසවා තැබීමයි. මේ සන්සන්දනයේදී හිටපු ජනාධිපති මහින්දගේ තත්වය වඩාත් නරක එකක් වන්නේ ඔහු ජනතාව විසින් වරක් පළවා හරින ලද නායකයෙක් වූ නිසා ය.

ඡන්දදායකයා නූගත් සහ සබුද්ධික නොවීමේ පරමානන්දය උගතුන් යැයි කියා ගන්නා අවස්ථාවාදීන් විසින් ඉතිහාසය පුරාම පාවිච්චි කර තිබෙන්නේ බහුජනවාදයෙන් තමන් ගොඩයාම සඳහා ය. නූතන ප්‍රජාතන්ත්‍රවාදය යනු වෘකයින් දෙදෙනෙකු සහ බැටළුවකු බහුතරයේ කැමැත්තට අනුව දිවා ආහාරයට සූදානම් වීමයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment