නායකත්ව පුහුණුවේදී මියගිය විදුහලපතිනියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක්

නායකත්ව පුහුණුවේදී මියගිය විදුහලපතිනියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවයක්

මෙම විරෝධතාවයට මවුපියන් ඇතුළු ආදී සිසුන් 300කට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් පවසන්නේ මාධ්‍ය මඟින් මෙම සිදුවීම පළවන තුරු නිලධාරීන් එය වසන් කිරීමේ උත්සාහයක නිරත වූ බවයි. එසේම විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් මෙන්ම ගුරු සංගම් සහ විදුහල්පති සංගම් තුළ තිබූ දැඩි නිහැඬියාව හෙළාදකින බව විරෝධතාකරුවන් පවසයි.

ඉදිරියේදී මෙවැනි අවධානම්සහගත පුහුණු කිරීම් නතර කරන ලෙසත් මිය ගිය විදුහල්පතිනියගේ පවුලේ අයට සාධාරණයක් ඉටුකරන ලෙසත් විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශවයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටී.

1 web

2 web

3 web

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment